Latest Entries »

මේ මොකද්ද කියලා දැක්ක ගමන් යාළු මාළුවන්ට හිතා ගන්න බැරි වෙයි. මේකත් එක්තරා විදියක උප සංස්කෘතියක්. මේකෙ ජීවත් වෙන්නේ ටයිගර් බාබ් පින්ක් වර්ගයේ පවුල් 2යි, ප්ලැටිනම් ඒන්ජල් වර්ගයේ එක පවුලයි. දැන් ​ටිකක් මීටර් ඇති මයෙ හිතේ. ඔව් මේක තමා ගෝල්ඩ් ෆිෂ් ගේ ෆිෂ් බෝල් එක. දැන් බලයි කොහොද මේ අනිත් පැත්තට තියලා තියෙන්නේ කියලා නේද? නෑ නෑ මේක තියලා තියෙන්නේ හරි පැත්තට මේසයක් උඩ. මේ තියෙන්නේ ඒකට ඉර එළිය වැටුන වෙලාවට ගෝල්ඩ් ෆිෂ්ගේ ලැප් ටොප් යන්තරේ උඩ තියෙන දිලිසෙන ප්ලාස්ටික් කෑල්ලෙන් පේන විදිය. ඔය බෝල් එක ළඟින්ම රත්තරන් පාටට දිලිසෙන්නේ මාලු කෑම දාලා තියෙන පුංචි වීදුරු බෝලතය හැබැයි ඒක කහ පාට වත්, දුඹුරු පාට වත් නෙමේ පිරිසිදු වතුර වගේ අවර්ණයි. මේ පාට ආවේ කොහොමද කියන්නනම් ගෝල්ඩ් ෆිෂ් දන්නේ නෑ. අනිත් මේක එඩිට් කරලා නැහැ. ඔර්මජිනල් එකක්. ජංගමෙන් ගත්ත ගමන්. බෝල් එක උඩින් පේන්නේ මාලුන්ට ඔක්සිජන් දෙන බටය. අපූරු පිහිටීමක් කියලා හිතුනා ඒකයි මේක යාළු මාලුවන්ට බලා ගන්න බ්ලොග් කරේ.

Gold fish ගේ blog ටැංකියෙන් එහා ලෝකය බලපු යාලු මාළුවෙක් ඉල්ලලා තිබුනා ගි​නිබෝල පින්තුර තියෙනවානම් තව දාන්න කියලා. මේ ඒ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක්…

දෙයක් කියන්න ඕනෙ හැමෝටම… මේ පින්තුර ටික කැමරා කාචයේ ඇද ගන්න මාර ගේමක් දුන්නේ. උඩ පැන පැන, ඇගිලි වලින් හිටගෙන තමා මේ ඔක්කොම ගත්තේ. ඔය photos වල ඔලු ගෙඩි, උරහිස් එහෙම පේන්නේ ඒක නිසා තමා. ඒ ගැන ඉතින් කට්ටියම gold fish ට සමාවෙන්න ඕනා.

පසුගිය සෙනසුරාදා දින එනම් 2010-09-18 දින, සොදුරු වු මේ දසුන් පෙළ gold fish විසින් තම ජංගම දුරකථනයේ memory chip යේ මෙසේ සටහන් කර ගන්නා ලදී. මේ දැක්වෙනුයේ වාද්දුව, තල්පිටිය – දළදාවත්ත විහාරයේ උත්කර්ශවත් පෙරහැරේ නෙත් සිත් පැහැරගත් සුන්දර දසුන් කීපයකි.

සොදුරු වූ මේ blog අවකාශය තුල, gold fish විසින් රැස්කරගන්නා වූ, camera කාචයකට පමණක්ම සීමා වෙන්නට තිබූ  නොනිමි මතක පෙළහර මෙසේ දිග හැරෙන වගයි…!

2010-09-23 දින gold fish විසින්.